ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟය ඇරඹේ
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව තව නොබෝ වේලාවකින් ටෙස්ට් පිටියට පිවිසෙනවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය මෙලෙස ආරම්භ වන්නේ දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදීයි.
ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේත් දකුණු අප්‍රිකාව 06වන ස්ථානයේත් පසුවනවා.
අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් ලෙස මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර හෝ විශ්ව ප්‍රනාන්දු එක් වීමට නියමිතයි.
අද තරඟයේදී ප්‍රභාත් ජයසූරිය තවත් කඩුලු 03ක් දවාගතහොත් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 බිඳ හෙලු දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකි වනු ඇති.