පකිස්තානයේ සංචාරය ගැන අමෙරිකානු බලධාරීන් අනතුරු අගවයි
පාකිස්තානයේ පෙෂාවර් ඇතුළු නගර කිහිපයක් දෙසැම්බර් 16 දක්වා කාලසීමාව තුළ මඟහරින ලෙස එරට රැඳීසිටින සිය පුරවැසියන්ට සහ දූත මණ්ඩල සාමාජිකයින්ට අමෙරිකානු බලධාරීන් උපදෙස් ලබාදී තිබෙනවා.
අමෙරිකාවට ලැබී ඇති ආරක්ෂක තොරතුරු මත පදනම්ව එම දැනුම්දීම සිදුකර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Khyber Pakhtunkhwa පළාත සඳහා “ගමන් නොකරන්න” ලෙසද සංචාරක උපදේශනයක් අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කර ඇති බවයි.