free web stats

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාගකිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහායවීම සඳහා අදාළ පොලිස් නිලධාරීයා විසින් රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ අදාළ මුදල පැමිණලිකරු විසින් වායු සමීකරණය මිලදී ගන්නා වෙළඳසැලේ කලමනාකරුගේ ගිණුමට බැර කර ඇති බවයි. 

ඒ අනුව අදාළ අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *