ශ්රී ලංකා – දකුණු අප්රිකා දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය අද
ශ්රී ලංකා – දකුණු අප්රිකා දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය අද (05) ආරම්භ වේ.
ඒ, දකුණු අප්රිකාවේ ජෝර්ජ් පාක් ක්රීඩාංගණයේදීයි.
ටෙස්ට් ක්රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගය පැවැත්වෙනවා.
ඩර්බන්හිදී පැවැති පළමු තරගය ලකුණු 233කින් ජය ගත්තේ සත්කාරක දකුණු අප්රිකාවයි.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග 32න් තරග 9ක් ශ්රී ලංකාව ජය ගෙන තිබෙනවා.
තරග 17ක් ජය ගත්තේ දකුණු අප්රිකාවයි.
අනෙක් තරග 6 ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා.