free web stats

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. 

ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 269ක් රැස් කරගෙන සිටියා. 

දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් කඩුලු කිහිපය අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද, රයන් රිකෙල්ටන් සහ නායක ටෙම්බා බවුමා 04වන කඩුල්ලට ලකුණු 133ක සබඳතාවක් ගොඩනඟමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළා.  

රයන් රිකෙල්ටන් ලකුණු 101ක් රැස් කළ අතර එය ඔහුගේ පළමුවන ටෙස්ට් ශතකයයි. නායක ටෙම්බා බවුමා ලකුණු 78ක් රැස් කළා. 

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 54කට කඩුලු 03යි. අසිත ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 02ක් දවා ගත්තා. 

විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
තරඟය පැවැත්වෙන්නේ ඛෙබාරාහිදීයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *