free web stats

නව අගමැතිවරයකු පත්කිරීමට සැරසෙන ප්‍රංශය

ඉදිරි දින කිහිපයේදී නව අගමැතිවරයෙකු නම් කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබෙනවා. 

ඒ, හිටපු අගමැති මිචෙල් බාර්නියර්ට එරෙහි විශ්වාසභංගයෙන් ඔහු බලයෙන් පහ කිරීමත් සමඟයි. 

මෙලෙස  විශ්වාසභංගයක් ඉදිරිපත් වුණේ ප්‍රංශ ජනාධිපතිවරයා විසින් මිචෙල් බාර්නියර් එරට අගමැතිවරයා ලෙස පත් කර මාස තුනකට පසුවයි. 

ඒ අනුව 1962 වසරෙන් පසු මෙලෙස විශ්වාසභංගයකින් ප්‍රංශ රජය බිඳවැටුණු පළමු අවස්ථාව මෙයයි. 

කෙසේවෙතත්  තමන් 2027 වර්ෂය වන තෙක් තනතුරේ රැඳී සිටින බවයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජාතිය අමතමින් පවසා ඇත්තේ. 

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ලෙස මිචෙල් බාර්නියර් ගේ කෙටි කාලය තුළ ඔහු දැක්වූ කැපවීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා හිටපු අගමැතිවරයාට සිය ස්තූතිය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *