free web stats

දයාසිරි විනය කමිටුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *