free web stats

නීතිමය කටයුතුවලට අහුවෙන අපේක්ෂකයන්

පසුගිය මහ මැතිවරණයට තරග කර මෙතෙක් ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් 1,040 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා විපරම නිවුස් කළ විමසීමකදී පැවසුවේ අදාළ අපේක්ෂකයින්ට එරෙහිව පළාත් මට්ටමින් විමර්ශන ආරම්භ කරන බවයි. 

ඒ ඒ පළාත්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහාය ඇතිව අදාළ විමර්ශන සිදු කරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ අනුව අදාළ විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා එම අපේක්ෂකයන් පිළිබඳ සියලු තොරතුරු නීතිපතිවරයා වෙත යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකල අපේක්ෂකයින් 13 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *