free web stats

නවසීලන්ත පිලෙන් ලංකාවට ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත පිල අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී පළමුවෙන් පන්දුවට දුන් නවසීලන්ත පිල සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කර ගැනීමට සමත් විය.

නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්හ.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. මීට අමතරව නුවන් තුෂාර සහ මතීෂ පතිරණ අතර එක් කඩුල්ල බැගින් බෙදී යන ලදී.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත පිල සමත්විය.

අද තරඟය නවසීලන්තයේ Mount Maunganui හි පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *