අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි යෝෂිත
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැම්ණ තිබෙනවා.
ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
ඒ අද දිනයේ පෙනීසිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඔහුට පසුගියදා සිදු කළ දැනුම්දීමට අනුවයි.
එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.