free web stats

ඊශ්‍රායලයෙන් රෝහලකට රොකට් ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ රෝහලකට රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

එම ප්‍රහාරය හේතුවෙන් ඛාන් යූනිස් නගරයේ අල්-අමල් රෝහලට හානි සිදු වී ඇති බවද පලස්තීන රතු කුරුස සංවිධානය පවසනවා. 

ඒ අනුව එම රෝහල තුළ තවදුරටත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකියාවක් නොමැති බවත්, උතුරු ගාසා තීරයේ අනෙක් රෝහල් දෙක වන කමල් ඇඩ්වාන් සහ බීට් හැනූන් යන රෝහල් ද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහල්වලට එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉල්ලීම් සිදු කර තිබෙනවා. 

සටන් විරාම එකඟතා කඩ කරමින් ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට සිය සංවිධානය සුදානම් බව හිස්බුල්ලා සංවිධානය ද පවසනවා. 

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගාසා තීරයට එරෙහි යුද්ධය අවසන් කිරීමට හැකි ඕනෑම ආකාරයකින් සහය දක්වන බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *