free web stats

රාජිත බාරගත් ටෙලිෆෝනය අලියට එකතු කිරීමේ මෙහෙයුම

එළැ⁣⁣ඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මහතා ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇති බව වාර්තා වෙනවා.

පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂ දෙක ඒකාබද්ධව තරග කළ යුතු බවට බොහෝ පාර්ශ්ව කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව සේනාරත්න මහතා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව මේ වනවිට දේශපාලන වේදිකාවේ කතා බහක් මතුව ඇති අතර, ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පිළිබඳ පනත් කෙටුම්පත ද සභාගත කළා.

ඒ අනුව දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් පසුගිය මැතිවරණවලදී ප්‍රධාන දේශපාලන පක්ෂවල පසුබෑම හමුවේ ඇතැම් පාර්ශ්ව එළැඹෙන මැතිවරණයේදී ‘අලියා’ ලකුණෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගවැදිය යුතු බව ද පවසා ඇති බව වාර්තා වෙනවා.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට වඩා සමගි ජන බලවේගය පසුගිය මැතිවරණවලදී ඉදිරියෙන් පසුවීම හේතුවෙන් තවත් පාර්ශ්ව පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වියයුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *