free web stats

අමෙරිකාව ළැව් ගිනි අතරේ භූ කම්පනයක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුර ඔවුන්ට මෙම භූ කම්පනයට මුහුණදීමට සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූ කම්පනය ඇතිව ඇති බවයි.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූ කම්පනය ඇතිව ඇත.

එය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී තිබේ.

භූ කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ බටහිරින් වාර්තා වී ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) වාර්තා කරන්නේ, භූ කම්පනය ප්‍රදේශයේ 5,000කට අධික පිරිසකට දැනී ඇති බවයි.

කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවත හානි හෝ වෙනත් අලාභහානි කිසිවක් වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *