කෝප් කමිටුව වර්ජනයට විපක්ෂය ගත් තීරණය
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා.
පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයින් පත් කිරීමේ දී සාම්ප්‍රදායික ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බව ඔහු පැවසූවේ.
කෝප් කමිටු සභාපති ධුරය සඳහා ඒකමතිකව පත්කිරීමක් සිදුකර ඇති බවට ප්‍රකාශ වුවද, එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කර ඇති බව ඔහු පැවසූවා.
පවතින තත්ත්වය තුළ සෙසු පාර්ලිමේන්තු කමිටු සඳහා ද සහභාගී නොවීම විපක්ෂයේ අදහස වී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.