free web stats

දැරියක් මහල් නිවාසයෙන් පැන මියගිය හේතුව

වයස අවුරුදු 16ක දැරියක් කොළඹ මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් බිමට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධියේ තොරතුරු හෙළිවී තිබෙනවා.

බොරැල්ල පොලීසිය සඳහන් කරන්නේ දැරිය සිය දිවි නසාගෙන ඇත්තේ ලිපියක් ද ලියා තබමින් බවයි.

වයස අවුරුදු 16ක පාසල් දැරිය බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන තිබුණේ, ඊයේ (10) රාත්‍රී කාලයේදීයි. 

බරපතළ තත්ත්වයේ පසුවූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලීසිය සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති දැරිය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය දැරිය කලක පටන් මානසික ආතතියෙන් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බව දැරියගේ මව පොලිසියට පවසා තිබෙනවා.

දැරියගේ මෘතශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *