free web stats

දියගම ක්‍රීඩා සංකීර්ණයේ සිදුවූ අක්‍රමිකතා හොයන්න සූදානම්

හෝමාගම, දියගම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ නිලධාරින් කණ්ඩායමක් පත් කර සොයා බැලීමක් සිදුකරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. 

ඔහු පැවසුවේ දියගම ක්‍රීඩා සංකීර්ණය නැවත සංවර්ධනය කර නොදුරේදීම ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගන්නා බවයි. 

දේශීය සහ විදේශීය අයෝජකයින් සමඟ ද නැවත මෙම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *