නීතිය සැමට සමාන කර තිබෙනවා
ආණ්ඩුව වෙත ලබාදුන් ජන වරමට අනුව නීතිය සැමට සමාන කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
පසුගිය රජයන් සමයේ රටේ නීතිය ක්‍රියාත්මක කළේ දෙයාකාරයකින් බවයි ඔහු මාධ්‍ය හමුවේදී පැවසූවේ.
වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ සෑම පුද්ගලයෙකුට එක හා සමානව බවයි මෙහිදී ඔහු වැඩ් දුරටත් ප්‍රකාශ කළේ.
ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී එකිනෙකාට වෙනස් වන අකාරායේ ඉල්ලීම් සිදු නොකරන ලෙසට ද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා.