free web stats

ශූරයන්ගේ කුසලානයට සූදානම් බංග්ලාදේශයේ සංචිතය

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම්කිරීමට ලබාදී තිබු කාලය ඊයෙන් අවසන් වුණා.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වෙනිදා දක්වා පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශය සිය සංචිතය ඊයේ (12) නම් කළා.

නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ලීටන් දාස් නම් කර නොමැත.

ඒ අවසන්වරට ඔහු ක්‍රීඩාකළ එක්දින ඉනිම් 13දීම එක් අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට සමත්නොවීම නිසයි.

අවස්ථා 6කදී  ලීටන් දාස් තනි ඉලක්කම් ලකුණක් ලබාගෙන දැවීගොස් තිබේ.

ඒ අනුව ලීටන් දාස්ට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉඩ අහිමිව ඇත.

ඒ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ෂකීබ් අල් හසන්ද සංචිතයට නම් කර නොමැත.

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇතිවූ ගැටලුවක් මත ඔහු තහනමකට ලක්කර තිබීම නිසායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *