free web stats

වෑන් රථයෙන් පැහරගත් සිසුවිය බස් රථයෙන් හමුවෙයි

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවිය අම්පාර බස්නැවතුම් පොළේ බස්රථයක සිටිය දී සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (13) උදෑසන මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක නැඟ සිටිය දී පැහැරගැනීම සිදුකළ පුද්ගලයා හා අදාළ පාසල් සිසුවිය පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණියගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිට්යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *