free web stats

ඉම්රාන් ඛාන්ට වසර14ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර තිබෙනවා.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකෙයි.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වනවිට සිරගතව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *