පියා නැති අතරේ දරුවා ඝාතනය කළ මාර අම්මා
හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්‍රදේශයේ නිවසක බිලිඳෙකු පෙරදින රාත්‍රියේ මියගොස් ඇති බව ඊයේ (17) හබරණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණා.
මිය ගිය බිලිඳා වයස මාස 10ක් වන බුලනගම, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් බවයි දැන ගන්නට ලැබෙන්නේ.
එම බිලිඳා සිය මව, පියා සහ සහෝදරයා සහ සහෝදරිය සමග ඉහත ලිපිනයේ පදිංචිව සිට තිබෙනවා.
කෙසේ නමුත් පියා නිවසින් බැහැර ගොස් සිටියදී, එනම් 16 වනදින රාත්‍රී කාලයේදී නිවස පිටුපස ඇති වතුර වළකට දරුවා දමා නැවත ගොඩටගෙන නිවසේ ඇඳ මත තැබූ බවට මව විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
අපරාධය සම්බන්ධයෙන් මිය ගිය බිලිඳාගේ මව අත්අඩංගුවට ගෙන ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 34ක් වන පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.