free web stats

ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමිවන ලකුණු

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වෙනවා.

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර ඔහු පන්දුව විසිකිරීමට යාමේදී ඇති වූ වැලමිට ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුට ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නායක පැට් කමින්ස් සිය දෙවන දරුවාගේ උපත සහ වළලුකර ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි.

ඒ හේතුවෙන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ වැඩබලන නායක ලෙසින් පසුගියදා පත් කළා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *