free web stats

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබුණු එකතුවීම

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ ඊයේ (20) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙනි.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණි.

එහිදී සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමග ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී තිබෙනවා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේ සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පාර්ෂ්වයෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වීමටත් එහිදී තීරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *