අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක්
ලොව ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයකු වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ මෙරට බලයලත් අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ 2024 වසර සඳහා පවත්වනු ලැබූ ගෝලීය තරගාවලියකදී සම්මාන රැසකින් පිදුම් ලැබුවා.
මෙම තරගාවලිය සඳහා Mahindra & Mahindra සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 23ක සහභාගිත්වයෙන් පැවති අවසන් මහා තරගාවලියේදී අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කළ තරගකරුවන් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
මෙම තරගාවලිය සෑම වසර දෙකකට වරක් ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකි. මෙම තරගාවලියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ලොව පුරා සිටින මහින්ද්‍රා සමාගමේ විකුණුම් සහ සේවා පුද්ගලයින්ගේ කුසලතා අගය කිරීමයි.
2024 වසර සඳහා වන අවසන් තරගය පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි. මෙම නිපුණතා තරගය අදියර තුනකින් පැවැත්වුණු අතර පළමු අදියර දේශීය මට්ටමින්, දෙවන අදියර කලාප මට්ටමින් සහ අවසාන තරගය ගෝලීය මට්ටමින් පැවැත්වි තිබුණා.
රටවල් 23ක සාමාජිකයින් 1300කට අධික පිරිසක් දේශීය මට්ටමේ තරගයට සහභාගී වූ අතර මෙහිදී අයිඩියල් මෝටර්ස් දීපව්‍යාප්ත වැඩමුළු සහ අලෙවි ප්‍රදර්ශනාගාරවල සේවකයින් දේශීය මට්ටමේ තරගයට සහභාගී විය. ඒ අතරින් 7 දෙනෙක් කලාප වටයට සුදුසුකම් ලැබූ අතර කලාප වටයේ තරගය සඳහා රටවල් 23කින් සාමාජිකයින් 200කට වැඩි පිරිසක් සහභාගී ව්ය.
අයිඩියල් මෝටර්ස්හි සාමාජිකයින් 5 දෙනෙකු ඉන්දියාවේ පැවති අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.
වාණිජ කාර්මික (Commercial Technician), දෝෂ විනිශ්චය කාර්මික (Diagnostic Technician), සේවා උපදේශක (Service Advisor), විකුණුම් උපදේශක (Sales Consultant) යන කාණ්ඩ යටතේ තරග වැදුනු අයිඩියල් මෝටර්ස් සමාගමේ තරගකරුවන්ට මෙම සම්මාන හිමි විය.
මෙහිදී වාණිජ කාර්මික අංශයේ ජයග්‍රාහක කේ. ඒ. ඩී. එන්. චාමර (Ideal රත්මලාන සේවා ස්ථානය), 1වන අනුශූරතාව වාණිජ කාර්මික අංශයේ ඒ. එම්. ටී. යූ. අත්තනායක (Ideal වනවාසල සේවා ස්ථානය), 1වන අනුශූරතාව SUV විකුණුම් උපදේශක ඕ. එම්. ආර්. ඩීන් (Ideal ආයතනික විකුණුම් ප්‍රධානී) 2වන අනුශූරතාව එස්. සතුර්ෂාන් (Ideal යාපනය සේවා ස්ථානය) සම්මානවලින් පිදුම් ලැබීය. මීට අමතරව සුබෝධ වීරසේකර (Ideal රත්මලාන සේවා ස්ථානය) තරගාවලිය නියෝජනය කරනු ලැබීය.