free web stats

සමලිංගික විවාහ නීතිය අනුමත වූ තායිලන්තය

තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය ඊයේ (22) දින සිට ක්‍රියාත්මක වී තිබෙනවා.

ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු ඊයේ සිය විවාහ ගිවිස ගැනීම සිදු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි.

මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට ඊයේ සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *