free web stats

බස් රථ 03ක් එකට ගැටී අනතුරක

ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවටයි වාර්තා වන්නේ.

මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති අතර පිටුපසින් පැමිණි තවත් බස් රථයක් එහි අනෙක් බස් රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 23 දෙනෙකු ඉමදූව රෝහල වෙතත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *