free web stats

තරුණියගේ පිහි පහරින් විවාහක තරුණයෙක් මරුට

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී තරුණියක් සිදුකළ පිහි ප්‍රහාරයකින් විවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

වයස අවුරුදු 19ක තරුණියක් මෙම පහරදීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක තරුණයෙකි.

මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නොමැති අතර නමුත් අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබා ගෙන එහි ජීවත්ව සිට ඇත.

එලෙස සිටින අතර ඊයේ රාත්‍රි සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

පහරදීම සිදුකළ තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වන අතර වැල්ලවාය පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

පිහි ප්‍රහාරයෙන් පසු එම පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවු මියගොස් ඇත.

අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *