free web stats

ට්‍රම්ප්ට එරෙහිවූ පිරිසක් සේවයෙන් පහකර දමයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සේවයෙන් පහකර තිබෙනවා.

ඔවුන් සියලු දෙනා පසුගිය සමයේ ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කළ නිලධාරින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වැඩබලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි පවසා ඇත්තේ, එම නිලධාරින්ගේ විශ්වාසනීය භාවය පිළිබඳ ගැටලුවක් ඇති බවයි.

ඔවුන් සියලු දෙනා 2020 ට්‍රම්ප්ගේ රාජ්‍ය රහසිගත ලේඛන අවභාවිතය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහි පරීක්ෂණවලට සම්බන්ධ වූ නිලධාරීන්.

තවත් නිලධාරියෙකු වන ජැක්ස්මිත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, තමන් ජනාධිපති ධුරයේ වැඩ බාර ගෙන තත්පර දෙකක් ඇතුළත ‍එම නිලධාරියා සේවයෙන් පහකරන බවයි.

එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා දියුරුම් දීමට පෙර ඔහු සේවයෙන් ඉල්ලා අස්වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *