free web stats

ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කරයි

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එම තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

වොන් – මුරලි කුසලානය වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබෙනවා.

මෙවර ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක පැට් කමින්ස් පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට එක් නොවන අතර කණ්ඩායම මෙහෙයවන්නේ ස්ටීව් ස්මිත් විසින්.

මේ අතර ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බව සඳහන්.

ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය පෙරවරු 10ට ආරම්භ ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *