free web stats

අමෙරිකා ගුවන් අනතුරෙන් මිය ගිය සිරුරු ජලයේ තිබී හමුවෙයි

අමෙරිකාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මිය ගිය 28දෙනෙකුගේ මළ සිරුරු සිකුරාදා වනවිට හදුනා ගත් බවත් සිරුරු 41ක් ජලයේ තිබී සොයා ගැණූනු බවත් බලධාරීන් සදහන් කරනවා.

රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළ ආසන්නයේ දී ඉකුත් බදාදා පුද්ගලයින් 67 දෙනෙකුට මරුකැදවමින් හෙලිකොප්ටර් යානයක් සහ ගුවන් යානයක් අනතුරට ලක් විය.

මෙම යානා දෙකේම කළු පෙට්ටි මේ වන විට සොයා ගෙන විමර්ශණ ආරම්භ කර තිබේ.

ඒ අනුව කළු පෙට්ටිවල තෙතමනය නිස්සාරණය කිරීමෙන් පසු, “ඉතා ඉක්මනින්” පටිගත කරන්නන්ගෙන් දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇතැයි අමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩල සාමාජික ටොඩ් ඉන්මන්, සිකුරාදා සවස වාර්තාකරුවන්ට පැවසූවා.

එසේම දින 30ක් ඇතුළත අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාවක් ලබා දීමට ද නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *