කරච්චි නුවර අධික ශීත දේශගුණයක් 43ක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ අතිශය කාර්යබහුල කරච්චි නුවර පවතින අධික ශීතදේශගුණික තත්ත්වය හේතුවෙන් දින 45ක් ඇතුළත පුද්ගලයන් 43 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
මිය ගිය වැඩිදෙනකු මහාමාර්ගයේ කිසිදු ආවරණයක් නැති පදික වේදිකා මත ජීවත්වන අවතැන්වූවන් බවත්, ඔවුන් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අය බවත් පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පවතින ශීත දේශගුණයෙන් පීඩා විඳින බහුතරය එසේ පදික වේදිකා මත ජීවත්වන පුද්ගලයන් බවත්, කරච්චි නුවර දරුවන් සහ කාන්තාවන් ඇතුළුව හැටදහසකට අධික පිරිසක් පදික වේදිකාවල ජීවත්වන වන බව අඩුආදායම්ලාභී සහ නිවාස අහිමිවූවන් පිළිබඳ සංඛ්‍යාලේඛනවලින් හෙළි වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
පෙරේදා වන විට කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5 දක්වා පහත වැටී ඇති අතර, රාත්‍රී කාලයේදී පවතින අධික සුළං තත්ත්වය සමඟ නගරයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.7 දක්වා පහත වැටී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.