යොවුන් කාන්තා 20/20 ලෝක කුසලානය ඉන්දියාවට
අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූවා.
ඉන්දියාව පිට පිට මේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වූ අතර, මින් පෙර 2023 පළමු තරගාවලියේ ශූරතාව ද දිනා ගත්තේ ඉන්දියාවයි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බයුමස් ඕවල් පිටියේ ඊයේ පැවති අවසන් තරගයේදී ඉන්දීය පිල හමුවේ දකුණු අප්‍රිකානු යොවුන් කාන්තා පිල කඩුලු 9කින් පරාජයට පත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ලකුණු 82කට දවාගත් ඉන්දීය ක්‍රීඩිකවෝ ඕවර 11.2කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුල්ලක් පමණක් දැවී තිබියදීයි.
පන්දු 33කදී නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට ගොන්ගඩි ත්‍රිෂා සමත් වූ අතර, සනිකා චල්කේ නොදැවී ලකුණු 26ක් රැස් කළාය. පන්දු යැවීමේදී කඩුලු 3ක් ද බිඳ දැමූ ත්‍රිෂා අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර, තරග 7කදී ලකුණු 309ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය ලෙස ද කඩුලු 7ක්ද දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මානයට පාත්‍ර ව්ය.
අවසන් පූර්ව තරගවලදී පරාජය වූ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පිළිවෙළින් තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූ අතර, ශ්‍රී ලංකාව සුපිරි 6 වටයෙන් තරගාවලිය නිමා කර තිබුණේ 5 වැනි ස්ථානයෙනි.