free web stats

ස්වීඩනයේ වෙඩි තැබීමක්

ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්වේ.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.

එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවයි.

මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්වේ.

අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *