free web stats

ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාව අසල්වාසී රටවලට සංක්‍රමණ වීමෙන් පසු එම කලාපය අමෙරිකාව පවරාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරය සංවර්ධනය කර එහි සියලු ලෝකවාසින්ට පදිංචි විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ජනාධීපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අමෙරිකානු සංචාරය අතරතුර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් පසුව දෙරටේ නායකයන් මාධ්‍ය හමුවක් කැඳවූ අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හමාස් සංවිධානය කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරිමට ගාසා තීරයේ පලස්තීන ජනතාව ඉඩ නොදෙනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එම සැලසුම මැදපෙරදිග කලාපයේ ව්‍යාකූලත්වය සහ ආතතිය ඉහළ දමනු ඇතැයි ද හමාස් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායල අගමැතිවරයාගේ අමෙරිකානු සංචාරය හෙළා දකිමින් විරෝධතාකරුවන් වොෂින්ටන් නුවරට රැස්වූ බවත්, යුද අපරාධකරුවකුට අමෙරිකාවට ඇරයුම් කිරීම පිළිබඳ ජනාධීපති ට්‍රම්ප් දැඩි විවේචනයට ලක් කළ බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *