free web stats

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, ධනංජය ද සිල්වා තීරණය කර තිබෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පෙරවරු 10.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී නොවූ පැතුම් නිස්සංක අද (06) ආරම්භ වන තරගය සඳහා කැඳවීමට නියමිත අතර රමේෂ් මෙන්ඩිස් ද සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර අද ආරම්භ වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ අවසන් ටෙස්ට් තරගය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *