free web stats

අද තරගයේ තෙවන දිනය ඔස්ට්‍රේලියාව ලකුණු 73ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට ඊයේ (7) තරගය නතරකරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 73ක් ඉදිරියෙන් සිටියි.

කඩුල්ලේ රැඳී සිටින නායක ස්ටීවන් ස්මිත් ලකුණු 120ක් හා ඇලෙක්ස් කේරී ලකුණු 139ක් රැස්කරගෙන සිටියි.

ස්මිත් ඊයේ රැස්කළේ ඔහුගේ 36වන ටෙස්ට් ශතකය වූ අතර, කේරීගේ දෙවන ටෙස්ට් ශකකය විය.

මේ වනවිට ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ලකුණු 239ක සබඳතාවක් පවත්වා ඇත.

ඔවුන්ට අමතරව ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් ලකුණු 21ක් හා උස්මාන් කවජා ලකුණු 36ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව මානස් ලබුෂේන්ගේ ඉනිම ලකුණු 4කට සීමාවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දවාගැනීමට හැකිවූයේ නිශාන් පීරිස් හා ප්‍රබාත් ජයසූරියට පමණි.

ඉන් නිශාන් පීරිස් ලකුණු 70කට කඩුලු 2ක්ද, ප්‍රබාත් ලකුණු 107කට එක් කඩුල්ලක්ද දවාගත්තේය.

අද තරගයේ තෙවන දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *