බංග්ලාදේශයේ හිටපු අගමැතිනියගේ ගෙදර ඩෝසර් කරයි
බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ නිවෙසට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
බංග්ලාදේශයේ ඩකා අගනුවරට යාබද දන්මොන්ඩි ප්‍රදේශයේ පිහිටි හසීනාගේ පවුලට අයත් එම ඓතිහාසික මන්දිරයට ගිනි තබා ඩෝසර් මගින් කඩා දමා ඇති අතර, ගින්න මැඬ පැවැත්විමට ඩකා නුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙද්දී එහි සිවුවැනි මහල දක්වා ගින්න පැතිරී තිබූ බවත් බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
පසුගිය වසරේ අගෝස්තු මස 5 වැනිදා ශෙයික් හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු හසීනා ඉන්දියාවට පලා ගිය අතර, පසුව එම නිවෙස සම්පූර්ණයෙන්ම හිස්ව තිබූ බව බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරයි.
එම ගිනි තැබීමට හේතු වී ඇත්තේ හිටපු අගමැතිනිය ඉන්දියාවේ සිට මුහුණු පොත සමාජ මාධ්‍යජාලය ඔස්සේ බංග්ලාදේශ ජනතාව ඇමැතීමට සූදානමින් පසුවීමේ පුවතක් පැතිරී යෑම බව වාර්තා වේ.