free web stats

 ‘සාටකයා ඝාතකයා’ බැනරය අරන් ගියේ මමයි

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වහාම සාධාරණය ඉටුකරන ලෙස කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළා.

අභිත ජනමාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාටක ආණ්ඩුවකින් සාධාරණයක් ඉටු නොවන බව සියලු දෙනා දැන සිටි බව පෙරේරා මහතා පැවසූවා.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ අවමඟුල් පෙරහරේදී “සාටකයා ඝාතකයා” නම් පෝස්ටරය කිලෝ මීටර් දෙකකටත් වඩා දුරක් දෑතින් රැගෙන ගිය පුද්ගලයා ලෙස ඉල්ලා සිටින්නේ, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාටක ආණ්ඩුවක් යටතේ විමර්ශන නිසි පරිදි සිදු නොවූවද යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළ විමර්ශන තුළින් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත් බව ද මන්ත්‍රීවරයා අනාවරණය කළා.

එමෙන්ම මිනී මැරුමකට අවශ්‍ය සාක්ෂි වසන් කිරීම යන චෝදනාව නැඟිය හැකි දෙදෙනකු සම්බන්ධයෙන් පවා එම විමර්ශනවලදී කරුණු අනාවරණය කරගත් බවත් මෙම තොරතුරු තවමත් සුරක්ෂිතව පවතින බැවින් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ද අජිත් පී. පෙරේරා මහතා පැවසූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැති විවාදයට එක් වෙමිනි.

එමෙන්ම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ තොරතුරු වසන් කිරීමට 2020-2024 වකවානුවේ පැවැති ආණ්ඩුව කටයුතු කළ අතර, ඝාතනයට සම්බන්ධ වූ යුද හමුදාවේ සාජන් මේජර්වරයෙක් ජර්මන් තානාපති කාර්යාලයේ රැකියාවක් සඳහා යොමු කිරීමට පවා කටයුතු කර ඇති බව ද ඔහු වැඩ්දුරටත් පැවසූවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *