free web stats

දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රි ලංකා පළමු ඉනිම අවසන්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 257ක් රැස්කිරීමට සමත් විය.

දෙවන දිනයට අද (7) තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියා.

කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කරගෙන සිටි අතර, ඔහු සමගින් ලකුණු 5ක සබඳතාවක් පවත්වාගෙන සිටි ළහිරු කුමාරට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබි නොතිබුණි.

ඔවුන් දෙදෙනා 10වන කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී ළහිරු කුමාර දැවීයාමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් විය.

මේ හේතුවෙන් ලකුණු 85ක් රැස්කරගෙන සිටි කුසල්ට සිය 11වන ශතකය අහිමි විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් (3/37) හා නේතන් ලියොන් (3/96) හා මැතිව් කුහ්නෙමන් (3/63) කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *