free web stats

පරාජයෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පැවසු දේ

ශ්‍රී ලංකාවේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවල ක්‍රීඩා කිරීම ගැන නැවත සිතා බැලීමට කාලය උදාවී ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා.

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලැබූ තරගාවලි පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා මේ බව පැවසූවා.

දඟ පන්දුවට උචිත මෙවැනි තණතිලිවල කැපී පෙනෙන වාර්තා තබා ගැනීම දුෂ්කර බවත්, පිතිකරුවන්ට උචිත හොඳ තණතිලිවලදී කඩුලු ලබා ගැනීමට අපේ පන්දු යවන්නන් ඉතා දක්ෂ විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

මේ පිලිබදව වැඩ්දුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා

“දෙපැත්තටම වාසි ගෙන දෙන තණතිලිවල ක්‍රීඩා කිරීම පිළිබඳ යළි සිතා බැලිය යුතුයි. මොකද මේ තණතිලිවල ලකුණු ගහන්න අමාරුයි. අපේ පිතිකරුවන්ගේ ලකුණු සාමාන්‍ය ගත්තොත්, ඒවා අනෙක් රටවල පිතිකරුවන්ට වඩා අඩුයි. ඒ ඇයි කියලා ඔබට තේරෙනවා ඇති. මොකද අපි දඟ පන්දු යවන්නන්ට හිතකර තත්ත්වයන් යටතේ පන්දුවට පහර දෙන නිසා ඒ දේ සිදුවෙනවා”

“පිතිකරුවකු ලෙස, මම ශ්‍රී ලංකාව තුළ ඇති අනෙක් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට කැමතියි. ඒ තණතිලිවල මගේ වාර්තා වඩා හොඳයි. අපේ පිතිකරුවන් ඉතා හොඳින් දඟ පන්දු යවන්නන් ඉදිරියේ ක්‍රීඩා කරනවාද යන්න පිළිබඳව නිසැකවම ප්‍රශ්නයක් තිබෙනවා. මේ තණතිල්ලේ ආරක්ෂාකාරීවීම අපහසු බව ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසා දෙපැත්තට පහරවල් එල්ලකොට අපට පීඩනය වැඩි කළා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *