free web stats

ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා යූඑස්ඒඩ් සංවිධානය හරහා ලංකාව තුළ විශාල මුදලක් වියදම් කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කාරියවසම් මහතා මේ බව පැවසූවා.

සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් අදහස් දක්වම්න් කියා සිට්යේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව සොයාබැලීම වැදගත්.

මේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පැවති අවස්ථාවක ඒකපුද්ගල ආදායම වැඩිවෙමින්, සියලු ජාත්‍යන්තර දර්ශක ඉහළ යමින් තිබියදී 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පැමිණියා. ඒ අවස්ථවේදී කුමක් හෝ බලවේගයකින් මේ තොරතුරු අනාවරණය වුණා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා විසින් ප්‍රකාශ කළ සිටියා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කරපු ආකාරය ගැන. මේ රටේ තිබුණු ආණ්ඩුව පෙරළන්න ඒ විදේශ මැදිහත්වීම සිදු වුණේ කියන කාරණය එතනින් එළි වුණා. පහුගිය දවස්වල අමෙරිකාවේ අලුතින් ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා. එතුමා ජනාධිපති වූ වහාම විශේෂ ආයතනයක් ස්ථාපිත කළා අමෙරිකාවේ බදු මුදල් ගෙවන්නන්ගේ මුදල් අවභාවිත කරපු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා.

මේ කමිටුවේ විශාල හෙළිදරව්වක් කළා පසුගිය දින කිහිපය තුළ. ඒ ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා විශාල මුදලක් යූඑස්එයිඩ් කියන සංවිධානය හරහා ලංකාව තුළ වියදම් කරලා තිබෙනවා කියන කාරණය ගැන. පසුගිය වසර කිහිපය තුළ. අතිදැවැන්ත මුදලක් වියදම් කරලා තිබෙනවා.

මේ කියන කාරණය සම්බන්ධයෙන්. හැබැයි අපේ වගේ රටවල‍ ජාතිකත්වය විනාශ කරන්න, සංස්කෘතිය විනාශ කරන්න අපේ වගේ රටවල අනන්‍යතාව විනාශ කරන්න, ආර්ථිකය කඩා වට්ටන්න, විදේශ සංවිධාන මුදල් පොම්ප කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *