free web stats

කසිප්පු හැදුව ඉංජිනේරු චීනා මාට්ටු

වැල්ලම්ටිය පොලීසියට ලද තොරතුරක් මත එම පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක රැඳී සිටි චීන ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ චීන ජාතිකයා සතුව ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ 18ක් හා නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 67,500ක් තිබී සොයාගත් බව පොලීසිය පවසනවා.

සැකකාර චීන ජාතිකයා නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයකු වශයෙන් වැඩකළ අයෙකු බව වාර්තා වේ.

වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර, අත්අඩංගුවට ගත් චීන ජාතිකයා අලුත්කඩේ අංක දෙක උසාවියට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *