AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට 2024 SLIM සම්මාන උලෙළේ දී සම්මාන රැසක්
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2024 SLIM ජාතික අලෙවි සම්මාන උලෙළේ දී, සිය අලෙවි බලකා සාමාජිකයින් අතිවිශිෂ්ට ජයග්‍රහණයන් අත්පත් කරගත් බව ඉතා සතුටින් නිවේදනය කර සිටිනවා.
මෙම සම්මාන උලෙළේ දී, ඉහළ කාර්යසාධනයකින් යුත් AIA අලෙවි බලකා සාමාජිකයින් සම්මාන රැසක් අත්පත් කරගෙන තිබුණා.
ඒ ඔස්සේ පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස්, වඩාත් උසස් ගුණාත්මක බවින් යුත් අලෙවි බලකායකින් සමන්විතව මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛස්ථානයක රැඳී සිටින සමාගමක් බවයි.
මෙම ගෞරවාන්විත සම්මාන උලෙළ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් සංවිධාන කර තිබූ අතර එමඟින් මෙරට අලෙවි සමාජ සංසදය ඇතුළත ජාතික තලයේ ඉහළ කාර්යසාධනයක් අත්පත් කරගන්නා පුද්ගලයින්ගේ දක්ෂතාවන් සහ ජයග්‍රහණ ඇගයීමට ලක් කරන ලදි.
මෙහිදී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට, පාරිභෝගිකයින් වෙනුවෙන් ඇති අසමසම කැපවීම, අලෙවිකරණයේ දී ඇති විශිෂ්ටත්වය වෙනුවෙන්, ස්වර්ණ සම්මාන 2ක් සහ රිදී සම්මාන 2ක් අත්පත් කර ගැනීමට හැකි විය.
පළාත් කළමනාකරු කාණ්ඩයේ (Territory Manager) සවර්ණ සම්මානයෙන් නිසංසලා අතුකෝරළ මහත්මිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඉදිරිපෙළ සේවා (Front Liner) කාණ්ඩය සඳහා දිනුක නවමිණ රත්නායක සවර්ණ සම්මානයෙනුත්, කේ. ගාමිණී ලෝකඩ සම්මානයෙනුත් පිදුම් ලැබීය. එමෙන්ම අලෙවි උපදේශක (Sales Supervisors) කාණ්ඩය සඳහා කේ. ඩබ්. දසනායක ස්වර්ණ සම්මානයෙනුත්, එස්. එස්. ප්‍රියන්තා ඩයස් මහත්මිය රිදී සම්මානයෙනුත් පිදුම් ලැබීය.