කුසල්ගෙන් අගනා ශතකයක්
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද (14) පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී සිය එක්දින දිවියේ 5වන ශතකය රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.
පන්දු 113කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය.
මෙය ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාකළ පළමු එක්දින ශතකයද වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 43.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 209ක් රැස්කර ඇත.
කඩුල්ලේ රැඳී සිටින නායක චරිත් අසලංක ලකුණු 46ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පවත්වාගෙන සිටියි.