දකුණු කොරියානු නිළියක් අබිරහස් ලෙස මිය යයි
දකුණු කොරියාවේ ජනප්‍රිය නිළියක වන කිම් සායි රොන් අබිරහස් ලෙස මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෝල් අගනුවර පිහිටි ඇගේ නිවෙසට ගිය මිතුරියක විසින් මළසිරුර දැකීමෙන් පසු පොලීසියට දැනුම් දී තිබූ බවත්, ඇගේ මරණය පිළිබඳ සැක කටයුතු කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලීසියට මෙතෙක් නොහැකි වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
24 හැවිරිදි කිම් සායි රොන් මීට වසර තුනකට පෙර බීමත්ව රිය පැදවීමේ වරදට වොන් මිලියන 20ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 40ක්) දඩයකට යටත් වූ අතර, අනතුරුව ඇය තාවකාලිකව රඟපෑමෙන් ඉවත්ව සිටි බව වාර්තා වේ. ඇය නැවත රංගනයට එක්වී ඇත්තේ මිය ගිය දිනට පෙර දිනයේදී බව ද වාර්තා වේ.