free web stats

චීන ජාතික අපරාධ සැකකරුවන් 200ක් මියන්මාරයේ සිට චීනයට

චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනය‍ට රැගෙන එම සිදු කෙරේ.

චීන පොලිසිය විසින්, ඊයේ (20) විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරිස මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන එන ලදි. මියන්මාරයේ Myawaddy කලාපයයේ සිට ඔවුන් රැගෙනවිත් තිබේ.

එම විශේෂ චීන සිවිල් ගුවන් යානා මියන්මාරයෙන් පිටත් වී, තායිලන්තය හරහා, ඊයේ සවස චීනයේ Jiangsu පළාතේ Nanjing ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිය.

ඉදිරි දින කිහිපය තුළ, චීන ජාතිකත්වය සහිත තවත් අපරාධ සැකකරුවන් 800කට වැඩි පිරිසක් චීනයට රැගෙන ඒමට නියමිතයි. මෙය චීනය, මියන්මාරය සහ තායිලන්තය අතර ජාත්‍යන්තර පොලිස් සහයෝගීතාවයේ විශිෂ්ට ජයග්‍රහණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *