පාපන්දු ක්‍රීඩාංගණයක රතිඤ්ඤා පුපුරා 30කට තුවාල
ඉන්දියාවේ කේරළයේ මලප්පුරම් හි පාපන්දු ක්‍රීඩාංගණයක රතිඤ්ඤා පුපුරා යාමෙන් තරගය නැරැඹීමට පැමිණ සිටි 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
පාපන්දු තරගය ආරම්භ වීමට පෙර රතිඤ්ඤා දල්වා ඇති අතර, එය පුපුරා ගොස්, ක්රීඩාගාර වෙත පැතිර ගියේය. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා අසල පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත්, කිසිවෙකුට බරපතළ තුවාල සිදුවී නොමැති බවත් පොලිසිය පැවසනවා.