free web stats

ඊශ්‍රායල සහ පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කෙරේ

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව ඊයේ දිනයේ තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව හමාස් සංවිධානය විසින් ඔවුන් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකු නිදහස් කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 602 දෙනෙකු නිදහස් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් 06 දෙනාගේ තොරතුරු හමාස් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

එම 6 දෙනා අතර මීට වසර 10කට පමණ පෙර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු ද වන බවද විදෙස් වාර්තා සදහන් කළා.

ජනවාරි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේ අවසන් සිරකරු හුවමාරුව ඊයේ මෙලෙස සිදුකළ බවද එම මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *