පාප් වහන්සේ ගේ දැන් සෞඛ්‍ය තත්ත්වය
ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසනවා.
88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබමින් රෝහල් ගතව පසුවෙයි.
කෙසේවෙතත් උන්වහන්සේ කෘත්‍රීම ස්වසන ආධාරයක් ඔක්සිජන් ලබා ගනිමින් පසුවන බව සඳහන්.
දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතා අත්විඳීමෙන් පසු පෙබරවාරි මස 14 වන දින පාප් වහන්සේ රෝහල් ගත කරීමට පියවර ගෙන තිබුණා.
වතිකානුව පවසන්නේ පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් මිදී නොමැති බවයි.