වර්තමානයේ දී රටේ නීතිය අයිස් යට ගල් ගැසී ඇති බව ජනපති පවසයි
රටේ නීතියට අවනත නොවී පොලිස්පතිවරයා සැගව සිටිනවා නම් සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන්නේ කෙසේද කියා ගැටලුවක් මතුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය අමතමිනි.
එම උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගන්වනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කීවේ වර්තමානයේ දී රටේ නීතිය අයිස් යට ගල් ගැසී ඇති බවයි.මෙම අයිස් යනු මුදල් සහ දේශපාලන බලය බවද කීවේය.
මෙම ක්‍රමය තව දුරටත් ක්‍රියාත්මක වීමට තම රජය ඉඩ නොදෙන්න බවත් රටේ නීතිය සෑම දෙනාටම එක සමානව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.